රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා එදින පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. රෝගියා පරීක්ෂා කළ පොළොන්නරුව මහ රෝහලේ ශල්‍ය වෙද්‍ය විශේෂඥ ගාමිණී අබේසිංහ මහතා විසින් සිය වෛද්‍ය කණ්ඩායම සමඟ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කරන ලදී.
එහිදී පරීක්ෂා කරනවිට අක්මාව හා අනෙක් දේ උරස් කුහරය දෙසට ගොස් තිබුණා. මේ වනවිට මහබඩවැල, කුඩාබඩවැල හා අග්න්‍යාශයටත් හානි සිදුවී තිබුණා. උරස් කුහරයේ තිබූ අක්මාව උදර කුහරය තුළට ගෙන ඒමට කටයුතු කළා. මේ වනවිට අක්මාවට දැඩි හානි සිදුවී තිබුණා. උරස් කුහරය විවෘත කිරීමේදී දැකගන්නට ලැබුණේ, පෙණහලුවලටද හානි සිදුවී ඇති බවයි.
හදිසි අනතුරකදී අක්මාවක් උරස් කුහරය තුළට යෑම අසාමාන්‍ය සිද්ධියක් බව රෝගියාට ප්‍රතිකාර ලබා දුන් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගාමිණී අබේසිංහ මහතා සඳහන් කරයි. එවැනි රෝගියකුට ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතුයි. මේ සුවිශේෂී වූ ශල්‍යකර්මය පොළොන්නරුව වැනි දුෂ්කර ප්‍රදේශයක පිහිටි රෝහලක සිදුකිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් සියලුම පහසුකම් ලබාදීම අගය කළ යුතු බව මෙහිදී සඳහන් කළ යුතුය.
ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්තර ගාමිණී අබේසිංහ මහතා සමඟ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හරිත ධර්මකීර්ති, නිලන්ත උදයකුමාර, මොහමඩ් වික්‍රම්, චතුරංග වීරසිංහ මහත්වරුද දිනූජා රූපසිංහ වෛද්‍යවරිය ඇතුළු හෙද කාර්යමණ්ඩලය ශල්‍යකර්මය මගින් රෝගියාට ප්‍රතිකාර ලබාදීමට ක්‍රියාකළහ.
source- http://www.dinamina.lk
No comments:
Post a Comment