If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, June 23, 2012

අමිල ශිරෝෂි පෙම්වතුන් වෙයි


ශිරෝෂි රොමේෂිකා දිගු කාලයකට පසු නැවතත් රංගනයට අවතීර්ණ වී තිබේ. ඒ පිනි වැස්සක් ටෙලි සිතුවම සමඟිනි.
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන එහි ශිරෝෂි රඟනුයේ වෙනුරි නම් වුූ නර්තන ශිල්පිනියකගේ චරිතයකි. අමිල අබේසේකර ඇගේ පෙම්වතා ලෙස රංගනයේ යෙදෙයි. ඒ අනුව අමිල සහ ශිරෝෂි ප්‍රථම වතාවට පෙම්වතුන් වන්නේ පිනි වැස්සක් හරහාය.
රෙක්ස් කොඩිප්පිලි, රොබින් ප්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, සාරංග දිසාසේකර, ගිරිරාජ් කෞශල්‍ය, මිහිර සිරිතිලක, ගයනා සුදර්ශනී, හෂිනිකා කරළියැද්ද, සුසන්තා චන්ද්‍රමාලි, උදයන්ති කුලතුංග, සම්පත් ජයවීර පිනි වැස්සක් හැඩ කරන නළු නිළි කණ්ඩයමයි.
මෙය චින්තක පීරිස්ගේ තිර රචනයකි. පී. නන්දසේන කැමරා අධ්‍යක්ෂවරයාය. තිසර සමන්ත බණ්ඩාර මෙය සංස්කරණය කරයි. ශෙහාන් ඉද්දමල්ගොඩ සහය අධ්‍යක්ෂවරයාය. දිනේෂ් ජයයශාන්ත කලා අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. සමීර දිනේෂ් කුමාරගේ අංග රචනයක් වේ.
ගී පදමාලා කැළුම් ශ්‍රීමාල්ගෙන් වන අතර අමල් පෙරේරා ගායනයෙන් දායක වෙති.
පිනි වැස්සක් කුෂාන් ටෙලි ෆිල්ම්ස් ආයතනයේ නිෂ්පාදනයකි.   source-http://wwe.sarasaviya.lk/

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com