If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Thursday, June 28, 2012

නේරුතුමාගේ චරිතයට සායිෆ්



බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂිකා ගුරින්දර් චාදාගේ නවතම චිත්‍රපටයේ විශේෂ රංගනයක් සඳහා බොලිවුඩ් නළු සායිෆ් අලි ඛාන් තේරා ගෙන තියෙනවා.
ඉන්දියාවේ 1947 ජනවාරි සිට 1947 අගෝස්තු දක්වා කාලය ආශ්‍රිතව නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ ජවහර්ලාල් නේරුගේ චරිතය සඳහා තමයි චාදා, සායිෆ්ව තෝරාගෙන තියෙන්නේ.
‘නේරුගේ චරිතය කෙටි රංගනයක්. මම හිතනවා සායිෆ් ඒක භාර ගන්න කැමති වෙයි කියලා’ චාදා ලන්ඩනයේදී ප්‍රකාශ කරලා තිබුණා.
ඉන්දියාවේදී රූගත කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ රාශ්ට්‍රපති භවන් ඇතුළු රූගත කිරීමට අවශ්‍ය ස්ථාන සඳහා අවසර ලබාගෙන ඇති බවත් වාර්තා වෙනවා.
ඉන්දීය සම්බවයක් ඇති සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂිකා ගුරින්දර් චාදා නිර්මාණය කළ චිත්‍රපට අතර බාහ්ජි ඔන් ද බීච් (1993), බෙන්ඩ් ඉට් ලයික් බෙකම් (2002), ඇන්ගස් තෝන්ග්ස් ඇන්ඩ් ප’ෆෙක්ට් ස්නොග්ගින් (2008) මහත් ප්‍රසිද්ධිට පත් වූ චිත්‍රපට කීපයකි.   source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com