If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, June 16, 2012

අයිෆා හොඳම චිත්‍රපටය සින්දගී නා දොබරා

දහතුන් වැනි අයිෆා සම්මාන උළෙල සිංගප්පූරුවේදී පසුගිය ශනිදා නිමාවට පත් විය. බච්චන්ලා, ඛාන්ලා පමණක් නොව රිතික් රොෂාන්ගෙන් ද උළෙල හිස් වුණත් එහි උත්කර්ෂවත්භාවයට නම් ඉන් අඩුවක් වූයේ නැත.
සිංගප්පූරු ගෘහස්ථ ක්‍රීඩාංගනයට දහස් ගණනින් එක් රැස් වුණු රසික ජනතාව රන්බීර් කපූර්, ෂාහිඩ් කපූර්, ප්‍රියංකා චොප්රා, සෝනක්ෂි සිංහ, බිපාෂා බාසු තාරකා නර්තනයන්ගෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ.
උළෙල මෙහෙය වූයේ ෂාහිඩ් කපූර් සහ ෆාරන් අක්තාර්ය. මෙහිදී හොඳම නළුවා ලෙසින් රොක්ස්ටාර් රංගනයට රන්බීර් කපූර් සම්මාන ලබා ගනිද්දී, හොඳම නිළිය වූයේ ඩර්ටි පික්චර් හි විද්‍යා බාලන්ය.
සින්දගී නා මිලේගි දොබරා හොඳම සිනමාපටය ලෙසින් තේරුණේ සෝයා අක්තාර්ට නැවතත් හොඳම අධ්‍යක්ෂ සම්මානය හිමිවීමෙනි.
සුපිරි නිළි රේඛා, අධ්‍යක්ෂ රමේෂ් සිප්පි යාවජීව සම්මානයට පාත්‍ර වූහ. විවාහයෙන් පසු ශ්‍රී දේවි පළමුවරට රැඟූ ඉංග්ලිෂ් විංග්ලිෂ් සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු ද මෙහිදී සිදු විය.  source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com