කිසිදා පාසලකට නොගිය චීනයේ ෂියුවාන් නමැති වයසක කාන්තාවට ඇගේ 102 වැනි උපන් දින සැමරුමෙන් පසු පාසල් යාම සඳහා වරම් ලැබිණි. නිවසේ තිබූ අග හිඟකම් නිසා කුඩා කල ඇයට රැකියාවක් සොයා යැමට සිදුවූ බවත් එහෙත් තම ආශාව වූයේ ඉගෙන ගෙන හොඳ රැකියාවක් කිරීම බවත් ඇගේ 102 වැනි උපන් දින සාදයට පැමිණි මාධ්‍යවේදියකු හමුවේ ඇය කීවාය. කවදා හෝ තමා මිය යන්නේද පාසල් යෑමේ එම සිහිනය හිතේ දරාගෙන බව ඇය මාධ්‍යවේදියාට කීවාය. ෂියුවාන්ගේ මෙම නොනිමි ආශාව මාධ්‍යවේදියා විසින් තම පුවත්පතින් අනාවරණය කිරීමත් සමගම වෙෂාන් නගරයේ පාසලකට ඇතුළත්වීමට ඇයට අවස්ථාව උදාවිය. මාස කිහිපයක පටන් ඇය කුඩා ළමයින් සමග පළමු වසරේ ඉගෙන ගනිමින් සිටී.source-http://www.lankadeepa.lk
Thursday, May 31, 2012
වයස 102 දී පාසල් යයි

Subscribe to:
Post Comments (Atom)
Contact Us
sricafelk@gmail.com
No comments:
Post a Comment