අධ්‍යාතනිය නැතහොත් අධි රුධිර පීඩනය ලෙස හැදින්වෙන්නේ අප රුධිර නාල පද්ධතියේ පිඩනය සාමාන්‍යය අගයට වඩා වැඩිවීමයි. අවස්ථා දෙකකදි රුධිර පිඩනය 140/90 mHg වඩා වැඩිවු විට ඹබට අධි රුධිර පිඩනය ඇතැයි රෝග විනිශ්ය කරයි. අපගේ සාමාන්‍ය රුධිර පීඩනය 120/80 වේ.
2. අධි රුධිර පීඩනයට හේතු කවරේද?
බොහෝ රෝගින්ගේ (>90% ) ප්‍රතිකාර කළ හැකි රෝග සාධකයක් නොමැත. කෙසේ වුවද ඔබගේ වෛද්‍යවරයා තව දුරටත් හේතුව සඳහා පරිකෂණ කළයුතුද නැතිද තීරණය කරනවා ඇත.
3. පුද්ගලයෙකුගේ රුධිර පීඩනය වැඩි වන්නේ ඇයි?
මෙය සදහා හේතු සාධක කිහිපයකි.
උදාහරණ
1. පවුල් ඉතිහාසය
2. තරබාරු කම
3. මත්පැන් පානය
4. කායික හා මානසික ආතතිය
5. අධික ලෙස ලුණු ආහාරයට ගැනිම
6. වඩාත් සුපොපබෝගි ජිවන රටාව
4. අධික රුධිර පීඩන තත්තවය දැන ගන්නේ කෙසේද?
බොහෝ විට රෝග ලක්ෂන නොපෙන්වයි. නමුත් වෛද්‍යවරයෙකු සිදුකරන සාමාන්‍ය රොග පරික්ෂාවේදි, හෝ වෙනත් රෝග අවස්ථාවක ප්‍රතිකාර ලබාගැනිමට පැමිනි විටකදි මෙය දැනගැනිමට හැක.මිට අමතරව පහත සදහන් රෝග ලක්ෂනද දැකිය හැක. හිස රදය, නාසයන් රැධිර ගැලිම, කරකැවිල්ල, අතුරු අබාදවන අංශභාගය, හෘද රෝග(හාට් ඇටක්), පෙනිමේ දුර්වලතා.
5. අධික රුධිර පීඩනයේ භයානක ප්‍රථිඵල මොනවාද?
අප ශරිරයේ ප්‍රදාන ජීව ඉන්ද්‍රියන් බොහෝමයක ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරයි. අතුරු අබාද සමහරක් පහත සදහන් වේ.
1. අංශභාග තත්වය.
2. මොලයට ලේ ගැලිම.
3. හෘද්‍රබාධයන්(හාට් ඇටැක්)
4. වකුගඩු අකර්මන්‍යය විම./වකුගඩු ක්‍රියා විරහිත වීම.
5. ප්‍රධාන රුධිර නාල පිපිරිම.
6. ඇස්වලට හානි විම. අන්ධවිම.
7.පර්යන්ත වාහිනි අබාදයන් ඇතිවිම.
6. අධි රුධිර පීඩනය සුවකල හැකිද?
අධි රුධිර පීඩන තත්වය ඇති විමට බලපැ හේතුව ඉවත්කිරිමෙන් (එනම් යම් රෝගි තත්වයක් නිසානම් එවැනි තත්වය සුව කළ හැක.මුත් දියවැඩියාව වැනි රෝග මෙන්ම මෙයද පාලනය කිරිම කළ හැක.ජීවන රටාවේ වෙනස් කම් හා ඖෂධ භාවිතයෙන් අධි රුධිර පීඩන තත්වය පාලනය කර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැක.
07. අධි රුධි පිඩනය සඳහා ප්‍රථිකාර මොනවාද?/ පාලනය කරන්නේ කෙසේද?
යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීමට ඔබ කටයුතු කළ යුතුය. ඒ අතුරින්,
I. ආහාර පාලනය
තම උසට සරිලන බර පවත්වා ගැනීමෙන් ලුණු අඩුවෙන් යෙදු ආහාර ගැනිම මෙහිදි
- කෑම පිසිමෙන් පසු ලුණු එකතු නොකිරිම
- ලුණු අදිකව යෙදු ආහාර නොගැනීම
- සමබල ආහාර වේලක් ලබා ගැනිම
- ආහාරයේ කොලොස්ටරෝල් සිමා කිරිම. උදා: - බැදුම් වර්ග මෙද සහිත කිරි
- මත්පැන් පානය නොකිරිම
- පළතුරු හා එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනිම
II. ක්‍රමවත් ව්‍යායාම කිරිම
මුලික වශයෙන් රුධිර පිඩනය සාමාන්‍ය මට්ටමට ගෙන ආපසු ක්‍රමවත් දෛනික රටාවකට ව්‍යායාමයෙහි යෙදීම අවම වශයෙන් දිනකට විනාඩි 20 එමගින් ශරිරයේ බර පාලනය කර ගැනිම අධික වෙහෙස දෙන ක්‍රියාකාරිත්වයෙන් මිදි සිටිමනුපුරුදු ව්‍යායාම නොකිරිම
III. මානසික යහ පැවැත්ම
ඔබ ජිවත්වන වට පිටාවේ ඔබට මානසික පිඩනය වැඩි කරවන හේතු වැලැක්විය හැකි මානසික පිඩන හා වැලැක්විය නොහැකි මානසික පිඩන හදුනාගෙන තිබිම.
ඔබට පීඩාකාරි ප්‍රශ්ණයක් වේ නම් සමීපතම හිතවතකු සමග සාකච්ජා කිරිම
අනවශ්‍ය අවිවේකි බවෙන් මිදිම
ඖෂධ භාවිතා කිරිම
· ඔබගේ වෛද්‍යවරයා විසින් නියම කරන ඖෂධ නියමිත පරිදි ලබා ගැනිම
· ඔබේ හිතුමනාපය පිරිදි ඖෂධ නොගැනිම. ඖෂධ වෙනස් කිරිම කිසිම විටක නොකළ යුතුය.
· වෙනත් අසනිප තත්වයකට ප්‍රථිකාර ලබා ගැනිමට යාමේදි ඔබ අධි රුධිර පීඩනයට ඖෂධ ලබා ගන්නා බව දන්වන්න.
· රුධිර පීඩනය අඩු වීමද අයහපත් ප්‍රතිථල ගෙන දෙන නිසා ක්ලාන්ත තත්වය, දහඩිය දැමීම, අත්පා කෙළවරවල් සීතල විම පිලිබද සැලකිලිමත් වීම
· අනෙකුත් රෝගී තත්වයන් පළිබඳ සැලකිලිමත් විම
· දියවැඩියාව, තරබාරු කම , කොලෙස්ටරෝල් අධික බව යන තත්වයන් සමඟ අධි රුධිර පීඩනය බැදී පවති.
· එම නිසා ඉහත සදහන් කළ භයානක ප්‍රතිළුල ඇති වීමේ අවධානම වැඩිය.
· රුධිරයේ සිනි මට්ටම පාලනය,කොලොස්ටරෝල් ප්‍රමාණය පාලනය, දුම්පානය නොකිරිම.
source- http://www.dosthara.com
No comments:
Post a Comment