මෙම වෛරසයේ serotypes 4 ක් ඇත. ඒවා DENV-1, DENV-2, DENV-3, DENV-4 ලෙස හදුන්වයි.
මෙම රෝගයේ මුල් අවස්ථාවහි වෙනත් වෛරස් උණක් හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර (classic dengue fever) පසුව ඉබේම රෝගය සුව වී යයි.
නමුත් ඩෙංගු රෝගය වැලදෙන්නන්ගෙන් සුළු ප්‍රමාණයක් dengue hemorrhagic fever කියන අවස්ථාවට පත් වන අතර මෙම අවස්ථාවෙහි රුධිර වාහිනී වලින් පිටතට රුධිරය හෝ ප්ලස්මාව කාන්දු වීමක් සිදු වෙයි. මෙසේ dengue hemorrhagic fever අවස්ථාවට පත්වන්නන්ගෙන් සුළු ප්‍රමාණයක් dengue shock syndrome කියන අවස්ථාවට පත් වන අතර එය මෙම රෝගයේ ඉතාම භයානක අවස්ථාවයි.
ඔබ දැනගත යුතු දේ
1. දින තුනකට වඩා උන, ඇගපත වේදනාව තිබේ නම් එක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
2. ඩෙංගු රෝගයට ප්‍රතිකාර නොමැති අතර කල හැක්කේ රෝගය පැතිර යාම වලක්වා ගැනීම පමණි. ඒ සදහා මදුරුවන් බෝවීම වැලක්වීමත්, මදුරුවන් ඔබට දෂ්ට කිරීම වැලක් වීමටත් පියවර ගත යුතුයි.
ඩෙංගු වෛරසය ගෙනයනු ලබන්නේ Aedes වර්ගයේ මදුරුවන් වන අතර Aedes aegypti එහි ප්‍රධාන තැනක් ගන්නා අතර, Aedes albopictus සහ වෙනත් Aedes වර්ගයේ මදුරුවන්ටද මෙම වෛරසය සම්ප්‍රේෂණය කල හැක.
ඩෙංගු මදුරුවා දහවල් කාලයේ දෂ්ට කරන මදුරුවෙක් වන අතර පිරිසිදු ජලය රදෙන්නාවූ ස්ථාන වල බෝවෙයි. ඔබගේ නිවාස අවට ජලය රැදෙන ස්ථාන විනාශ කිරීම හෝ ඒවා වසා දැමීම මගින් බෝවීම වලක්වා ගත හැකියි. ඔබගේ සුළු ක්‍රියාවක් ජිවිතක් බේරා ගන්න බව කවදාකවත් අමතක කරන්න එපා.
Update
2012 වර්ෂයේ ගත වූ මාස 6 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 12454 ක් ද මරණ 75 ක් ද දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 49.79% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ ජනවාරි මාසය තුළදීය. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.
No comments:
Post a Comment