විශ්ව කීර්තියට පත් Water චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ දීපා මෙහෙතාගේ නවතම සිනමා නිර්මාණය Mid Nights Children කැනඩාවේ 37 වැනි ටොරොන්ටෝ චිත්‍රපට උළෙලේ ආරම්භක චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා තෝරා ගෙන තිබේ.ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ රාජකීය ගොල්ෆ් පිටිය, කතානායක නිල නිවස, මරදාන දුම්රියපොළ ඇතුළු ශ්‍රී ලංකාවේ දර්ශන තල හැට පහකදී මෙම චිත්‍රපටය රූගන්වා ඇත.
ජාත්‍යන්තර චිත්‍රපට සඳහා පහසුකම් සපයන The Film Team සමාගම මගින් මෙහි ශ්‍රී ලංකා නිෂ්පාදන කටයුතු සිදු කරන ලද අතර එම ආයතනයේ සභාපති ධූරය දරනුයේ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණියයි. විධායක අධීක්ෂණය, නිෂ්පාදන සැලසුම්, උපදේශනය, දර්ශන තල ඉදි කිරීම සහ අයවැය සැළසුම්කරණය සිදු කරනු ලැබුවේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන එරල් කෙලී, ඒන්ස්ලි ද සිල්වා, ගෝපී ධර්මරත්නම් විසිනි.
Mid Nights Children චිත්‍රපටයේ නිෂ්පාදක ඩේවිඩ් හැමිල්ටන් එම උත්කර්ෂවත් මංගල දර්ශනයට සහභාගි වන ලෙසට Film Team ආයතනයට ආරාධනා කර තිබේ.
මෙම චිත්‍රපටයට පදනම්ව ඇත්තේ බුකර් සම්මානයෙන් පිදුම් ලද සල්මන් රුෂ්ඩිගේ ලෝ ප්‍රකට නවකතාවයි. සොනාලි ඛාන්, ශබානා ආස්මී, ශ්‍රියා සරන්, සීමා බිස්වානි, රාහුල් බෝස්, සභානා ගෝස්වාමී සහ අනුපම් කේර් මෙහි චරිත නිරූපණය කර තිබේ.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment