If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, September 23, 2012

30 Seconds story of Coca Cola CEO

බ්‍රයන්ඩයිසන් යනු CocaCola සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරියෙකි (CEO). මේ ඔහුවිසින් තත්පර 30කදී කරනලද කෙටි දේශනයකි.
හිතන්න ජීවිතය කියන්නේ බෝල5ක් අහසට විසිකරමින් ඒවා යලිත් අල්ලාගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල, සෞඛ්‍ය, මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවටඅනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියාගැනීම අවශ්‍යයි.
ඔබ ඉතාඉක්මනින් හෝ පසුවී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට, එය බිමටවැටුනොත් නැවතත් ඔබවෙත පැමිනෙනවා .
නමුත් අනෙක් බෝල හතර, එනම් පවුල, සෞඛ්‍ය, මිතුරන් සහ විනෝදාංශ හැදිලා තියෙන්නේ වීදුරු වලින්, ඒවා එක්වරක් බිම වැටුනොත් යලිත් පිලිසකර කළනොහැකි ආකාරයෙන් පලුදුවේවි. යලිත් කිසිම දිනක ඒවා පෙරපරිදි නොවේවි.
එමනිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදී මෙම වීදුරුබෝල හතර බිම වැටෙන්නට නොදී තබාගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගතයුතුයි.
කාර්යාල වේලාව තුල ඔබ ගන්නා වැටුපට සරිලන ලෙස කාර්යක්‍ෂමව සේවය කරන්න. නියමිත වේලාවට කාර්යාලයෙන් පිට වී ඔබේ පවුලට සහ ඔබේ මිතුරන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න. ඔබේ සිරුරට අවශ්‍ය විවේකය ලබාදී ඔබේ විනෝදාංශ වල යෙදීමටද අමතක නොකරන්න.

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com