If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, August 31, 2012

මලී නිම වෙයි

පසුගිය සතියේ දවසක අපූරු සම්මාන උළෙලක් පැවැත්විණ. ඒ මලී ටෙලි නාට්‍යයේ සමාප්තිය වෙනුවෙනි. එහි නිෂ්පාදක විසින් අදාළ ශිල්පීන්ට හරසර පිදීමටයි. ඒ අතරතුර එහි ශිල්පීන් ද එක් වී විශේෂ සම්මානයක් එහි නිෂ්පාදකට පුදනු ලැබුවේය.
කුලවමිය, සසඳරා, නාඳුනන නෑයෝ, තුන්පත් රටාවක ලක්ෂණ, මගේ කවිය මට දෙන්න, හොඳම දවස හෙට, රාත්‍රිය මනරම් මෙන්ම දැනට විකාශය වන මලී ටෙලි නාට්‍යය වැනි ටෙලි නාට්‍යය දාහතරක නිෂ්පාදකවරයකු ලෙස පුංචි තිරයට නිර්මාණ රැසක් දායාද කිරීමට හේතු වූ ඔහු ජානක සිරිවර්ධනයි.
තරුණ වියේදී නළුවකු වන්නට දැඩි ආශාවෙන් සිටි ඔහු අද ලංකාවේ දැවැන්ත ටෙලි නාට්‍යය නිෂ්පාදකවරයෙකි.
ජානක නළුවකු වන්නට සිහින මැවූ අතීතයෙන් අපේ කතාබහ අරඹමු?
රඟපාගන්න සිහින මැවූ මට පසුකාලීනව හිතුණා නළුකමට මගේ දේහ ලක්ෂණ ගැළපෙන එකක් නැහැ කියලා. අනෙක රඟපාන්න දක්ෂතාවත් අඩුයි. ඒ නිසා මොන ආකාරයෙන් හෝ කලා ක්ෂේත්‍රයට එන හීනය සැබෑ කරගන්නත් ඕන නිසා ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිතුවා. මොකද මේ වකවානුවේදී ටෙලි නාට්‍යය නිෂ්පාදනය බොහොම අඩුයි. ඒ නිසා රඟපාන්න නවකයන්ට අවස්ථාව අඩුයි. ඒ නිසා තමයි මම නිෂ්පාදනය පැත්තට යොමු වෙන්න තීරණය කළේ.
සුමිත්‍රා රාහුබද්ධගේ කුලවමිය ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඔබ අද සිටින තැන ගැන යමක් කිව්වොත්?
දැනට ටෙලි නාට්‍යය දාහතරක් නිෂ්පාදනය කර අවසන්. ටෙලි නාට්‍යය කිහිපයක තේමා ගීතය ලිව්වෙත් මමමයි. ඊට අමතරව තිර රචනය පැත්තටත් යොමු වුණා. මේ දිනවල ටෙලි නාට්‍යයක පිටපත් රචනයක වැඩ කටයුතු අවසන් කරමිනුයි ඉන්නේ.
ටෙලි නාට්‍යය තිර රචනයට යොමුවුණු හැටි කිව්වොත්?
ආනන්ද අබේනායක මහතාගේ පෝය නාට්‍යය කිහිපයක් ලියන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව තමයි තිර රචනයට යොමු වුණේ. දැනට ටෙලි නාට්‍යය පහක් පමණ ලියා තිබෙනවා.
කොටස් 400 ක් පමණ විකාශය වන්නට තිබෙන මලී ටෙලි නාට්‍යය වැඩ කටයුතු අවසන්. මේ පිළිබඳ යමක් කියමු?
මලී ටෙලි නාට්‍යය ආරම්භ වුණු දවසේ සහභාගි වූ නළු නිළි කැල මෙන්ම වැඩ කරන යුනිට් එකේ සියලු දෙනාම, ටෙලි නාට්‍යය රූගත කිරීම් අවසන් වන විටත් බොහොම ළෙන්ගතුව, සුහදශීලීව තබා ගන්නට හැකිවීමම විශේෂත්වයක්. මේ සියලු දෙනාම මගේ පවුලේ කට්ටිය ලෙස සිතාගෙනයි වැඩ කළේ. මගේ පවුලේ සියලු දෙනා මේ අයට සැලකුවේ අපේම ඥාතීන් ලෙස සිතාගෙනයි. මෙන්න මේ අවබෝධය නිසා තමයි මේ ටෙලි නාට්‍යය මෙච්චර දීර්ඝ ගමනක් ආවෙත්. අපි හැමෝම මුල්ම දවසේ වැඩ කළ සතුටෙන්ම අවසන් දවසෙත් වැඩ කළේ. කොටින්ම අපි සැවොම එක පවුලක් කිව්වොත් නිවැරැදියි.
මේ පිරිස එකතු වෙලා මට සම්මානයක් දීම තුළින්ම හැෙඟනවා අප සියලු දෙනා කෙතරම් බැඳීමකින් අවබෝධයකින් ළෙන්ගතුව වැඩ කළා ද කියලා.
කලා ක්ෂේත්‍රයට එන්නට නිෂ්පාදකයෙක් වුණත් අද එය ව්‍යාපාරයක් බවට ඔබ පත්කරගෙන කිව්වොත්?
සැබැවින්ම ඔව්. මුදල් සෙවීමට මම තෝරා ගත්තේ මේ ක්ෂේත්‍රයයි.
ඔබේ මේ සාර්ථකත්වය ගැන යමක් කියමු?
මගේ ටෙලි නාට්‍යය සාර්ථක වන්නට හේතු බොහොමයක් තිබෙනවා. මගේ නාට්‍යයේ මුදල් ගනුදෙනු සියල්ල කරන්නේ මගේ බිරිඳ අවන්ති විජේසුන්දරයි. නිෂ්පාදනයට තෝරා ගන්නා ටෙලියට අදාළ චරිත තේරීමේදී, චරිතයට අදාළ නියම නළුවා හෝ නිළිය තෝරා ගන්නවා.
මේ අය කරන කාර්යයට නියම මිලක් වෙලාවට ගෙවනවා. කාගෙවත් කේලම් අහලා ඒ අනුව වැඩ කරන්න යන්නේ නැහැ. නාට්‍යයේ ගුණාත්මක බව රැකීම, භාෂාව, අපූර්ව රූප රාමු, දේශීයත්වය රැකෙන පිටපත් තෝරා ගැනීම, මා සමඟ වැඩ කරන සියලු දෙනාත් සමඟ පවත්නා ළෙන්ගතුකම සුහදත්වය කියන මේ සියලු කාරණා නිසා තමයි මගේ මේ සාර්ථකත්වය රැඳී තිබෙන්නේ.
වසර 15 ක් ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක් ලෙස කටුක මෙන්ම සුන්දර අත්දැකීම් ඇති නේද?
ඇත්තම කියනවා නම් කටුක අත්දැකීම් නැති තරම්. තියෙන්නේ සුන්දර අත්දැකීම්. මොකද මම වැඩිය සෙට් එකට යන්නේ නැහැ. ගියදාට වැඩ කරන අය මට සංග්‍රහත් කරනවා. මමත් හිස් අතින් සෙට් එකට යන්නේ නැහැ. හැබැයි ගියත් එතන කෙරෙන වැඩවලට අත ගහන්නේ නැහැ. ඒක නිසා ප්‍රශ්න ඇති වෙනවා අඩුයි. මොනම ප්‍රශ්නයක් වුණත් මම ඒක වැඩිය ගණන් ගන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයේ මට තරහකාරයෝ නැහැ. ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාම හොඳයි.
ඔබේ ඉදිරි වැඩ පිළිබඳ කතා කළොත්?
මලී ටෙලි නාට්‍යය මේ අවුරුද්දේ අවසන් වෙනකම් විකාශය වෙනවා. මේ දිනවල මං පිටපත් රචනයක යෙදෙනවා. ඒ වගේම අලුත් ටෙලියට අවශ්‍ය නළු නිළියන් තෝරනවා. මේ නාට්‍යයේදීත් නවක නළු නිළියන්ට අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. සරසවිය පුවත්පත හරහා මේ අය තෝරා ගන්න බලාපොරොත්තු වෙනවා.
මෙගා නාට්‍ය සීමා කිරීම පිළිබඳ ඔබේ පෞද්ගලික අදහස කුමක්ද?
මෙගා කියන වචනෙ අපේ භාෂාවට ගැළපෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. නාට්‍යයක් දීර්ඝ හෝ කෙටි වීම සර්ථකත්වයට බලපාන්නේ නැහැ. මොකද බොහෝ රටවල විකාශය වන දීර්ඝ නාට්‍ය බොහොමයක් තිබෙනවා. ඔෂින්, ඩිනාස්ටි වැනි ටෙලි නාට්‍ය භාෂා 9 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ වගේම කොටස් ගණන කීයද කියන්න බැහැ. ඒ තරම් වැඩියි. ඒ තුළින් තේරෙනවා නේද ටෙලි නාට්‍යයේ දීර්ඝ වීම, කෙටි වීම නොවෙයි වැදගත්. නාට්‍යයේ පිටපතේ හරය, රටේ දේශීයත්වය, ගුණාත්මක බව කීම, භාෂාව විකෘති නොකිරීම වැනි කාරණායි බලපාන්නේ. හොඳ උදාහරණයක් තමයි මගේ මලී ටෙලි නාට්‍යය. අදටත් ප්‍රේක්ෂකයෝ බොහොම කැමැත්තෙන් නරඹනවා. මොකද ගුණාත්මක බව රැකගත් නිසා. මෙගා කියන විකෘති මානසිකත්වයෙන් මිදුණු ටෙලි නාට්‍යයක් තමයි මලී ටෙලි නාට්‍යය කියලයි මගේ හැඟීම. මේ පිළිබඳ විවිධ මත ගේන්න පුලුවන්. මගේ හැඟීමයි මම කිව්වේ.
පාසල් කාලය වගේම පවුල් සංස්ථාව පිළිබඳවත් යමක් කියමු නේද?
මගේ බිරීඳ අවන්ති විජේසුන්දර. ඇය තමයි මගේ සාර්ථකත්වයේ පිටුපස සිටින ප්‍රධාන කෙනා. ලොකු පුතා චිරත් සේනිය උසස් පෙළ හදාරනවා. දුව රිද්මි රුවන්න්‍යා 7 වන වසරේ ඉගෙනුම ලබනවා. මම අධ්‍යාපනය ලැබුවේ තර්ස්ටන් විද්‍යාලයේ. පාසල් කාලයේ නම් විශේෂ කුසලතා තිබුණෙ නැහැ. කලා සංගමයේ සංවිධාන කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා.
නිෂ්පාදකවරයෙක්, ගීත රචකයෙක්, තිර රචකයෙක් ලෙස ඔබ ආ ගමන් මගේ ඔබට සහාය දුන් අය ගැන මතක් කළොත්?
වසර 15 ක් මේ කර්මාන්තයේ නියැලෙන්න මට හැකි වුණේ මාත් සමඟ මෙතෙක් වැඩ කරපු අයගේ සහෝදරත්ව බැඳීමයි. මෙය ඉදිරියටත් රැක ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මගේ ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙලා මගේ සාර්ථකත්වයට අත දුන් ඔබ සැමට ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්න මම කැමැතියි.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com