If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, August 1, 2012

ස්ටැලෝන් පුතු අබිරහස් ලෙස මියයයි






හොලිවුඩ් පුරයේ තවත් අභිරහස් මරණයක්. හොලිවුඩ් සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ වැඩිමල් පුතුවන සැගේ ස්ටැලෝන් පසුගිය 13 වැනිදා මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ.
ලොස් ඇන්ජලීස් නුවර ස්ටුඩියෝ සිටි හි නිවසේ ඔහුගේ කාමරයේ තිබු සිරුර සොයා ගෙන තිබුණේ නිවසේ සේවකයකු විසිනි.
මිය යන විට 36 වැනි වියේ පසු වූ සැගේ ගේ මරණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී නොමැති බවයි එතෙරින් වාර්තා වෙන්නේ.
ඔවුන් සැක පල කරන්නේ වේදනා නාශක අධික ලෙස භාවිතයට ගැනීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි.
මෙය සිය දිවි හානිකර ගැනීමක් ලෙස තහවුරු කරන්නට තරම් සාක්ෂි කිසිවක් මේ වන විටත් ලැබී නොමැති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
1976 මැයි 05 වැනිදා උපන් සැගේ මුන්බ්ලඩ් ස්ටැලෝන් සිය පියාගේ අඩි පාරේ යමින් කලා ක්ෂේත්‍රයට පිවිස චිත්‍රපට නළුවකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු මෙන්ම තිර රචකයෙකු ලෙස ද ප්‍රසිද්ධියක් අත්කර ගැනීමට සමත් විය.
පියාගේ රොකී චිත්‍රපට මාලාවෙන් ක්ෂේත්‍රයට පිවිසි සැගේට රොකී 5 (1990), ද ඩෙවිල් ඉන් සයිඩ් මී (1993), ඩේලයිට් (1996), ඇමරිකන් හීරෝ (1997) ඇතුළු චිත්‍රපට 13 ක රංගනගයෙන් දායක වන්නට අවස්ථාව උදා විය.
ඒ අතර රොකී 5 සහ ඩේලයිට් හි සිය පියා සමඟ රංගනයේ යෙදීමට ඔහුට අවස්ථාව උදා විය.
2006 වසරේදී ඔහු විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ වික් නම් කෙටි චිත්‍රපටයෙන් බොස්ටන් චිත්‍රපට උළෙලේදී සැගේට හොඳම චිත්‍රපට නිෂ්පාදකට හිමි සම්මානය හිමි විය.
සැගේ ස්ටැලෝන් මෙම සතියේදී විවාහ ගිවිස ගැනීමට ද නියමිතව තිබිණි.
මෙම විවාහය ඔහුගේ දෙවන විවාහය වන අතර ඔහු මීට පෙර ස්ටාර්ලින් රයිට් සමඟ 2007 දී විවාහ ගිවිසි නමුත් 2008 වසරේදී එම විවාහය බිඳ වැටිණි.
මෙම හොලිවුඩ් නළුවාගේ මරණය පිළිබඳ රස පරීක්ෂණ තවමත් පැවත්වේ.
එහිදී ඔහු වේදනා නාශක අධික ලෙස භාවිත කළා ද නැත්නම් අධිකව මත්ද්‍රව්‍ය භාවිත කළා ද යන්න ඔප්පු වෙනු ඇත.
කෙසේ නමුත් සැගේ ගේ දිගුකාලීන මිතුරන් පවසා ඇත්තේ යහපත් ශරීර සෞඛ්‍යයෙන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ සැගේ කිසි දිනෙක මධ්‍යසාර හෝ මත් ද්‍රව්‍ය භාවිත කරනු දැක නොමැති බවයි.
අද වන විට හොලිවුඩ් පුරයෙන් වාර්තා වන මෙම තරුණ නළුවාගේ මරණය පිළිබඳව සැකයක් මතුව ඇත්තේ ප්‍රීතිමත් අන්දමින් ජීවිතය ගත කළ මෙම තරුණයාට ජීවිතයෙන් සමු ගැනීමට හේතුවක් තිබුණේද නොඑසේ නම් අවාසනාවන්ත ලෙස මරණයට පත් වූවා ද යන්නයි.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com