ඈ වැඩී තරුණියක වෙත්ම දුනු ඊතළ සමඟ කෙරෙන විනෝදකාරී ක්‍රීඩා නවතා කුමාරියක සේ හැසිරිය යුතු බවට මව අවවාද කරයි. ඕ අවවාද නොතකා හරියි. වනාන්තරය තුළට වැදී වේගයෙන් අසු පන්නමින් ඉලක්කයට හී විදියි.
එහෙත් මඟ හැරි නොහැකි දිනය උදා වෙයි. ඒ රජ කුමරෙකු සරණ පාවා ගත යුතු දිනයයි. මෙරීඩා තවම විවාහයකට සූදානම් නැති බව එක හෙලා කීවත් මව ඒ නොතකා හරියි. මෙරීඩා ස්වකීය රතු බූසි කොණ්ඩය වනමින් මව සමඟ තර්ක කරයි.
මේ ‘බ්‍රේව්’ නම් සජීවිකරණ සිනමාපටයේ ආරම්භයයි. පික්සාර් ඇනිමේෂන් ස්ටුඩියෝව නිර්මාණය කළ අලුත්ම චිත්‍රපටය වූ ‘බ්‍රේව්’ අධ්‍යක්ෂණය කළේ මාක් ඇන්ඩෲස් සහ බ්‍රෙන්ඩා චැප්මන්ය. අමෙරිකානු ඩොලර් මිලියන 185000 ක ඇස්තමේන්තුවක් අනුව නිපද වූ මේ සිනමාපටය මෙතෙක් උපයා ගත් ආදායම අමෙරිකා ඩොලර් 176158000 කි. 2012 ජූනි 22 වැනිදා නිකුත් වූ බ්‍රේව් සුවිශාල මහන්සියක් දරා නිමැ වූ ත්‍රිමාණ සජීවිකරණ සිනමාපටයකි.
2008 වසරේදී පික්සාර් ස්ටුඩියෝව නිමැ වූ පළමු ත්‍රිමාණ සජීවිකරණය වූ ‘ද බෙයාර් ඇන්ඩ් ද බෝ’ සමඟ සසඳා බලන විට බ්‍රේව් යනු සුවිශාල පිම්මකි. එමෙන්ම පික්සාර් ස්ටුඩියෝව නිිර්මාණය කළ පළමු කාන්තා වීර චරිතය මෙරීඩාය. ඇගේ චරිතය හරහා මතු කරන්නට යන වීරත්වය මෙතෙක් කල් ඔවුන් නිර්මාණය කළ පිරිමි වීර චරිත හා සසඳා බැලීම අසාධාරණය.
මන්ද යත් මෙරීඩා, බ්‍රේව් සිනමාපටය පුරා එතරම් කැපී පෙනන වීර ක්‍රියා සිදු නොකරයි. මන්ද යත් සාමාන්‍යයෙන් ත්‍රිමාණ සජීවිකරණ සිනමාපටවල වීර චරිත අදහාගත නොහැකි තරමේ අපූර්ව දේ කරන අයය. ඒ අර්ථයෙන් ගත් විට මෙරීඩාට සිනමාපටය පුරා කරන්නට නියම කළ වීර ක්‍රියා ප්‍රමාණය අල්පය. එතරම් කැපී නොපෙනෙන සුළුය.
එහෙත් වීරත්වය අභිබවා යන පවුලේ බැඳීම ගැන කියැවෙන බ්‍රේව් ප්‍රේක්ෂකයා හිතන්නට පොළඹවයි. මෙරීඩාගේ විවාහය පිළිබඳ වැඩි බලපෑමක් කරන ඇගේ මව කෙරෙහි කෝපයෙන් සහ කළකිරීමෙන් පසු වන තරුණ මෙරීඩාගේ හැසිරීම විටෙක සිනා ගන්වන සුළුය. තවත් විටෙක කලබලය ඇති කරවන සුළුය. ඇගේ අත පතන කුමාරවරු ශිල්ප දක්වන්න සැරසෙන විටත් මෙරීඩා සුපුරුදු නොරිස්සුමෙන් පසු වෙයි.
කඩු වනමින් ශිල්ප දක්වන්නට සැරසෙත්ම ඈ ඉල්ලා සිටින්නේ දුණු ශූරයෙකුª තමා බලාපොරොත්තු වන බවයි. දැවැන්ත කුමරුන් කුඩා දුණු අතින් ගෙන ඈත ඇති ඉලක්කයක් බලාපොරොත්තු වෙයි. ශරීර ප්‍රමාණ ඉක්මවා යන තරමේ දස්කම් නොදක්වන ඔවුන් කුමරිය අපේක්ෂා භංගත්වයට පත් කරවයි. එහෙත් එක් කුමරෙකු අත්වැරදීමකින් නිවැරදි ඉලක්කය ලබා ගැනීමෙන් සියල්ල කණපිට හැර වෙයි.
සියල්ල වැරදී යා හැකි යැයි සිතා ඈ තම දුන්නත්, ඊතළත් රැගෙන ඉලක්කය හඹා යන්නට තීරණය කරයි. ඈ නිවැරදි ඉලක්කය ගත් ඊතළය දෙකඩ වන සේ තම ඉලක්කය ලබා ගනී. සුප්‍රකට රොබින් හුඩ් කතා මාලාවේ රොබින් හුඩ්ගේ වීර ක්‍රියාවක් සිහියට නැෙඟන මේ මොහොත ඇගේ චරිතයට සුවිශාල ආලෝකයක් ලබා දෙයි. එහෙත් දිගින්, දිගටම ඒ ආලෝකය ඇගේ චරිතය පුරා රඳවා ගැනීමට අපොහොසත් වීම ප්‍රධානම ගැටළුවයි.
සිය මව සමඟ අමනාපයට පත්ව මාළිගයෙන් පිටව යන මෙරීඩා වනාන්තරය තුළට ඇතුළු වෙයි. ඉතාමත් අනපේක්ෂිත ලෙස ඈ මායාකාරියකගේ නිවසකට ඇතුළු වෙයි. ඕ මායාකාරියගෙන් බලාපොරොත්තු වන්නේ තම මවගේ හිත වෙනස් කිිරීමයි. නැතහොත් ඇයව වෙනස් කිරීමයි. මායාකාරියන් විශ්වාසයට ගත නොයුත්තේ ඔවුන් වචනවලට වෙනත් තේරුම් දීමෙහි සමත් වීමේ හේතුවෙනි.
මායාකාරිය ඈට රවුම් කේක් කැබැල්ලක් සකසා දෙයි. මහත් ප්‍රිතියට පත් වන මෙරීඩා යළිත් මාළිගාවට පැමිණෙන්නේ කේක් කැබැල්ලේ බලය පිළිබඳ සිහින මවමිනි.
ඈ දකින අම්මා ඉමහත් ප්‍රීතියට පත් වන්නේ සිය දියණිය දැකීමෙනි. මේ අම්මාවරුන්ගේ ගුණයයි. ඇය චාටු කතාවෙන් අම්මාට කේක් කැබැල්ල කනු පිණිස පොළඹවා ගනී. මායාකාරිය ඇගේ මායාකර්මය නියමාකාරයෙන් ඉෂ්ට කරන්නේ ඉන් පසුවය.
එනම් මෙරීඩා ගේ මව විශාල වලසෙකු බවට පරිවර්තනය කිරීමෙනි. ඉන් පසුව මෙරීඩා තම වලස් මව මරණයෙන් බේරා ගනු පිණිස සටන් වදී. ඉතාමත් රහසිගතව මාළිගයෙන් එළියට ඇයව කැඳවා ගෙන යන දියණිය මායාකාරිය සොයා යයි. දිගින් දිගටම වලස් අම්මා ඇය සමඟ කතා කරයි. තමා නිරුවතින් යැයි සැක සංකා ඇති කර ගනිමින් විශාල රෙදි කැබැලි ඇද ගැනීමට තැත් කරයි.
සිනා උපදවන සුළු සිදුවීම් බහුල නොවූ බ්‍රේව් හි මේ දර්ශනය මුවගට සිනා නංවයි. වලසෙකු බවට පත් වූ තම මවට ආහාර පිණිස මාළු අල්ලා දීම ඊළඟ සිනා උපදවන දර්ශනයයි. වලසෙකු ලෙස බාහිර වශයෙන් පමණක් වෙනස් වූ ඇය අමු මාළු කෑම ප්‍රතික්ෂේප කරයි. මෙරීඩාට සිදු වන්නේ ගිනි ගොඩක් ගසා ඇයට මාළු පුලුස්සා දීමටයි. එහෙත් කෙටි මොහොතකින් තම සුකුමාල ගති සොබා අමතක කරමින් ඈ වන සතෙකු මෙන් හැසිරේ. අමු මාළු කෑමෙහි ප්‍රියතාවයක් ඇති කරයි. තම දියණියට ගොරවමින් කඩා පනී.
බ්‍රේව් කියා දෙන්නේ විනෝදාත්මක කතාවක් නොවන්නේ මේ සිදුවීම් හේතුවෙනි. තම මවගේ හැසිරීම් වෙනස් කිරීමට උවමනා වූ මෙරීඩාට වෙනස්කම් සහිත අම්මා වෙනුවට උවමනා වෙන්නේ ’අම්මා’ පමණි. ඒ උදෙසා ඈ සටන් කරයි.
අම්මා අනුභව කර ඉතිරි කළ කේක් කැබැල්ල කෑමෙන් මෙරීඩාගේ සොහොයුරන් තිදෙනා ද කුඩා වලසුන් බවට පත්වේ. මායාකාරියගේ වංචාකාරීී මායාවට හසු වන මව සහ දරු තිදෙනා දැන් මෙරීඩා ගේ රැකවරණය බලාපොරොත්තු වෙයි. ඇගේ වීරත්වය එයයි. ඈ තම පවුල රැක ගනු පිණිස සටන් කරයි. ස්වකීය පවුලේ විජ්ජාකාරි අතීතය පිළිබඳ තව තවත් කරුණු දැන ගනියි.
මේ සියල්ල අතරතුර මව සහ දුව අතර ඇති බැඳීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඈ තම මවගේ හැඟීම් තේරුම් ගනීමට පටන් ගනී. සියල්ල සතුටින් කෙලවර වන්නේ අන් සියලු සුරංගනා හා සම වෙමිනි. දියණියගේත් – මවගේත් බැඳීම හේතුවෙන් ඈ තමා ලත් සාපයෙන් මිදෙයි. බ්‍රේව් මේ කතාන්දරය හරහා ඇති කර ගත් ජනප්‍රියත්වය හේතුවෙන් එනමින්ම වීඩියෝ ක්‍රීඩාවක් ද නිර්මාණ කළේය.
එක්ස් බොක්ස්, නයිටෙන්ඩෝ හරහා ක්‍රීඩා කළ හැකි බ්‍රේව් නොසිතූ තරම් ජනප්‍රිය විය. ටෙම්පල් රන් මොබයිල් ක්‍රීඩාවේ බ්‍රේව් වෙළුම හරහා ඇපල් ජංගම දුරකතන සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හරහා ක්‍රීඩා කළ හැකි වීඩියෝ ක්‍රීඩාවක් නොසිතු තරම් අවධානයක් දිනා ගති. එමෙන්ම ගීත විශාල ප්‍රමාණයක් අන්තර්ගත මේ සිනමාපටය මනා ත්‍රිමාණ ලක්ෂණවලින් යුක්තය. විශේෂයෙන් සිනමා ප්‍රයෝග විෂයෙන් ඉහළ තැන තිබෙන චරිත කැපී පෙනෙන වෙනස්කම් ප්‍රකට කරයි.
මෙරීඩා ලෙස සිනමාපටයේ හඬ කවන කෙලී මැක්ඩොනල්ඩ්, ෆර්ගස් හෙවත් රජුට හඬ කවන බිලී කොනොලි, එලිනෝර් හෙවත් මෙරීඩා ගේ මවට හඬ කවන එමා තොම්ප්සන් තම වගකීම ඉතාමත් විශිෂ්ට ලෙස ඉෂ්ට කරයි. ‘ඔබේ ඉරණම වෙනස් කර ගන්න’ නම් ප්‍රචාරක පාඨය සමඟ කරළියට පැමිණි බ්‍රේව් නිකුත් කර මුල් සතිය ඇතුළත පමණක් අමෙරිකානු ඩොලර් 66,323,594 ක් උපයා ගෙන ඇත. බ්‍රේව් කියන්නේ අපට නිර්භීත වීමට සූදානම් වීමටය. ඔබ නිර්භීත වීමට සූදානම් ද?
source- http://www.sarasaviya.lk
එහෙත් මඟ හැරි නොහැකි දිනය උදා වෙයි. ඒ රජ කුමරෙකු සරණ පාවා ගත යුතු දිනයයි. මෙරීඩා තවම විවාහයකට සූදානම් නැති බව එක හෙලා කීවත් මව ඒ නොතකා හරියි. මෙරීඩා ස්වකීය රතු බූසි කොණ්ඩය වනමින් මව සමඟ තර්ක කරයි.
බ්‍රේව සිනමාපටයේ අධ්‍යක්ෂවරු: මාක් ඇන්ඩෲස්![]() ඔහු පික්සාර් සමාගමේ සේවය කරන්නෙකි. ද ඉන්ක්‍රෙඩිබල්ස් ත්‍රිමාණ සජීවිකරණයේ කතා වැඩ පරීක්ෂකවරයා ද ඔහුය. ත්‍රිමාන සජීවිකරණය පිළිබඳ හදාරා ඇති මාක් ’වන් මෑන් බෑන්ඩ්’ නැමති කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. බ්‍රෙන්ඩා චැප්මන් ![]() |
2008 වසරේදී පික්සාර් ස්ටුඩියෝව නිමැ වූ පළමු ත්‍රිමාණ සජීවිකරණය වූ ‘ද බෙයාර් ඇන්ඩ් ද බෝ’ සමඟ සසඳා බලන විට බ්‍රේව් යනු සුවිශාල පිම්මකි. එමෙන්ම පික්සාර් ස්ටුඩියෝව නිිර්මාණය කළ පළමු කාන්තා වීර චරිතය මෙරීඩාය. ඇගේ චරිතය හරහා මතු කරන්නට යන වීරත්වය මෙතෙක් කල් ඔවුන් නිර්මාණය කළ පිරිමි වීර චරිත හා සසඳා බැලීම අසාධාරණය.
මන්ද යත් මෙරීඩා, බ්‍රේව් සිනමාපටය පුරා එතරම් කැපී පෙනන වීර ක්‍රියා සිදු නොකරයි. මන්ද යත් සාමාන්‍යයෙන් ත්‍රිමාණ සජීවිකරණ සිනමාපටවල වීර චරිත අදහාගත නොහැකි තරමේ අපූර්ව දේ කරන අයය. ඒ අර්ථයෙන් ගත් විට මෙරීඩාට සිනමාපටය පුරා කරන්නට නියම කළ වීර ක්‍රියා ප්‍රමාණය අල්පය. එතරම් කැපී නොපෙනෙන සුළුය.
එහෙත් වීරත්වය අභිබවා යන පවුලේ බැඳීම ගැන කියැවෙන බ්‍රේව් ප්‍රේක්ෂකයා හිතන්නට පොළඹවයි. මෙරීඩාගේ විවාහය පිළිබඳ වැඩි බලපෑමක් කරන ඇගේ මව කෙරෙහි කෝපයෙන් සහ කළකිරීමෙන් පසු වන තරුණ මෙරීඩාගේ හැසිරීම විටෙක සිනා ගන්වන සුළුය. තවත් විටෙක කලබලය ඇති කරවන සුළුය. ඇගේ අත පතන කුමාරවරු ශිල්ප දක්වන්න සැරසෙන විටත් මෙරීඩා සුපුරුදු නොරිස්සුමෙන් පසු වෙයි.
කඩු වනමින් ශිල්ප දක්වන්නට සැරසෙත්ම ඈ ඉල්ලා සිටින්නේ දුණු ශූරයෙකුª තමා බලාපොරොත්තු වන බවයි. දැවැන්ත කුමරුන් කුඩා දුණු අතින් ගෙන ඈත ඇති ඉලක්කයක් බලාපොරොත්තු වෙයි. ශරීර ප්‍රමාණ ඉක්මවා යන තරමේ දස්කම් නොදක්වන ඔවුන් කුමරිය අපේක්ෂා භංගත්වයට පත් කරවයි. එහෙත් එක් කුමරෙකු අත්වැරදීමකින් නිවැරදි ඉලක්කය ලබා ගැනීමෙන් සියල්ල කණපිට හැර වෙයි.
සියල්ල වැරදී යා හැකි යැයි සිතා ඈ තම දුන්නත්, ඊතළත් රැගෙන ඉලක්කය හඹා යන්නට තීරණය කරයි. ඈ නිවැරදි ඉලක්කය ගත් ඊතළය දෙකඩ වන සේ තම ඉලක්කය ලබා ගනී. සුප්‍රකට රොබින් හුඩ් කතා මාලාවේ රොබින් හුඩ්ගේ වීර ක්‍රියාවක් සිහියට නැෙඟන මේ මොහොත ඇගේ චරිතයට සුවිශාල ආලෝකයක් ලබා දෙයි. එහෙත් දිගින්, දිගටම ඒ ආලෝකය ඇගේ චරිතය පුරා රඳවා ගැනීමට අපොහොසත් වීම ප්‍රධානම ගැටළුවයි.
සිය මව සමඟ අමනාපයට පත්ව මාළිගයෙන් පිටව යන මෙරීඩා වනාන්තරය තුළට ඇතුළු වෙයි. ඉතාමත් අනපේක්ෂිත ලෙස ඈ මායාකාරියකගේ නිවසකට ඇතුළු වෙයි. ඕ මායාකාරියගෙන් බලාපොරොත්තු වන්නේ තම මවගේ හිත වෙනස් කිිරීමයි. නැතහොත් ඇයව වෙනස් කිරීමයි. මායාකාරියන් විශ්වාසයට ගත නොයුත්තේ ඔවුන් වචනවලට වෙනත් තේරුම් දීමෙහි සමත් වීමේ හේතුවෙනි.
මායාකාරිය ඈට රවුම් කේක් කැබැල්ලක් සකසා දෙයි. මහත් ප්‍රිතියට පත් වන මෙරීඩා යළිත් මාළිගාවට පැමිණෙන්නේ කේක් කැබැල්ලේ බලය පිළිබඳ සිහින මවමිනි.
ඈ දකින අම්මා ඉමහත් ප්‍රීතියට පත් වන්නේ සිය දියණිය දැකීමෙනි. මේ අම්මාවරුන්ගේ ගුණයයි. ඇය චාටු කතාවෙන් අම්මාට කේක් කැබැල්ල කනු පිණිස පොළඹවා ගනී. මායාකාරිය ඇගේ මායාකර්මය නියමාකාරයෙන් ඉෂ්ට කරන්නේ ඉන් පසුවය.

සිනා උපදවන සුළු සිදුවීම් බහුල නොවූ බ්‍රේව් හි මේ දර්ශනය මුවගට සිනා නංවයි. වලසෙකු බවට පත් වූ තම මවට ආහාර පිණිස මාළු අල්ලා දීම ඊළඟ සිනා උපදවන දර්ශනයයි. වලසෙකු ලෙස බාහිර වශයෙන් පමණක් වෙනස් වූ ඇය අමු මාළු කෑම ප්‍රතික්ෂේප කරයි. මෙරීඩාට සිදු වන්නේ ගිනි ගොඩක් ගසා ඇයට මාළු පුලුස්සා දීමටයි. එහෙත් කෙටි මොහොතකින් තම සුකුමාල ගති සොබා අමතක කරමින් ඈ වන සතෙකු මෙන් හැසිරේ. අමු මාළු කෑමෙහි ප්‍රියතාවයක් ඇති කරයි. තම දියණියට ගොරවමින් කඩා පනී.
බ්‍රේව් කියා දෙන්නේ විනෝදාත්මක කතාවක් නොවන්නේ මේ සිදුවීම් හේතුවෙනි. තම මවගේ හැසිරීම් වෙනස් කිරීමට උවමනා වූ මෙරීඩාට වෙනස්කම් සහිත අම්මා වෙනුවට උවමනා වෙන්නේ ’අම්මා’ පමණි. ඒ උදෙසා ඈ සටන් කරයි.
අම්මා අනුභව කර ඉතිරි කළ කේක් කැබැල්ල කෑමෙන් මෙරීඩාගේ සොහොයුරන් තිදෙනා ද කුඩා වලසුන් බවට පත්වේ. මායාකාරියගේ වංචාකාරීී මායාවට හසු වන මව සහ දරු තිදෙනා දැන් මෙරීඩා ගේ රැකවරණය බලාපොරොත්තු වෙයි. ඇගේ වීරත්වය එයයි. ඈ තම පවුල රැක ගනු පිණිස සටන් කරයි. ස්වකීය පවුලේ විජ්ජාකාරි අතීතය පිළිබඳ තව තවත් කරුණු දැන ගනියි.
මේ සියල්ල අතරතුර මව සහ දුව අතර ඇති බැඳීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඈ තම මවගේ හැඟීම් තේරුම් ගනීමට පටන් ගනී. සියල්ල සතුටින් කෙලවර වන්නේ අන් සියලු සුරංගනා හා සම වෙමිනි. දියණියගේත් – මවගේත් බැඳීම හේතුවෙන් ඈ තමා ලත් සාපයෙන් මිදෙයි. බ්‍රේව් මේ කතාන්දරය හරහා ඇති කර ගත් ජනප්‍රියත්වය හේතුවෙන් එනමින්ම වීඩියෝ ක්‍රීඩාවක් ද නිර්මාණ කළේය.
එක්ස් බොක්ස්, නයිටෙන්ඩෝ හරහා ක්‍රීඩා කළ හැකි බ්‍රේව් නොසිතූ තරම් ජනප්‍රිය විය. ටෙම්පල් රන් මොබයිල් ක්‍රීඩාවේ බ්‍රේව් වෙළුම හරහා ඇපල් ජංගම දුරකතන සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හරහා ක්‍රීඩා කළ හැකි වීඩියෝ ක්‍රීඩාවක් නොසිතු තරම් අවධානයක් දිනා ගති. එමෙන්ම ගීත විශාල ප්‍රමාණයක් අන්තර්ගත මේ සිනමාපටය මනා ත්‍රිමාණ ලක්ෂණවලින් යුක්තය. විශේෂයෙන් සිනමා ප්‍රයෝග විෂයෙන් ඉහළ තැන තිබෙන චරිත කැපී පෙනෙන වෙනස්කම් ප්‍රකට කරයි.
මෙරීඩා ලෙස සිනමාපටයේ හඬ කවන කෙලී මැක්ඩොනල්ඩ්, ෆර්ගස් හෙවත් රජුට හඬ කවන බිලී කොනොලි, එලිනෝර් හෙවත් මෙරීඩා ගේ මවට හඬ කවන එමා තොම්ප්සන් තම වගකීම ඉතාමත් විශිෂ්ට ලෙස ඉෂ්ට කරයි. ‘ඔබේ ඉරණම වෙනස් කර ගන්න’ නම් ප්‍රචාරක පාඨය සමඟ කරළියට පැමිණි බ්‍රේව් නිකුත් කර මුල් සතිය ඇතුළත පමණක් අමෙරිකානු ඩොලර් 66,323,594 ක් උපයා ගෙන ඇත. බ්‍රේව් කියන්නේ අපට නිර්භීත වීමට සූදානම් වීමටය. ඔබ නිර්භීත වීමට සූදානම් ද?
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment