If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, July 18, 2012

ශ්‍රී ලංකා - ඉන්දියා නායකයෝ ලෝක කුසලානයට සූදානම් වෙති


සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙර සූදානමක් බව දෙරටේ නායකයෝ පවසති.
තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (18) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සහ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එසේ පැවසූහ.
ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවසුවේ පාකිස්තානු සංචාරයේදී ක‍්‍රීඩා කළ ආකාරයෙන් ඉදිරියට යෑම තම බලාපොරොත්තුව බවත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සංචිතය පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත්ය.
‘‘මෙම සංචාරයට සහභාගී වන ක‍්‍රීඩකයන් රැසක් විස්සයි-20 ලෝක කුසලානයට සහභාගි වෙයි. එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවේදී වැඩි තරග සංඛ්‍යාවකට සහභාගි වීමේ අවස්ථාව ලැබීම වැඳගත්’’ යැයි දෝනි පැවසීය.


මහේල සහ දෝනි කුසලානය සමග.
source- http://www.lankadeepa.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com