If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Tuesday, June 5, 2012

‘අප්පච්චී’ සෙනසුරාදා ට ස්වර්ණවාහිනියේ


ජැක්සන් ඇන්තනී අපූරු චරිතාංග රංගන ශිල්පියෙක්. සුසීමා, ඉරට මුවාවෙන්, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා,කඩුල්ලවැනි ටෙලි සිතුවම් හි නොමැකෙන රංගන ප්‍රතිභාව ටෙලිවිශනයේ විකසිත කළ ඔහුගේ හැකියාව වැඩි වශයෙන් අප දුටුවේ රිදී තිරයේ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කලකට පසු ජැක්සන් පුංචි තිරයේ රඟන මව අහිමි දියණියන් සිවු දෙනෙකුගේ වගකීම් ඉටු කරන ධම්ම නම් වූ දිරිය පියකු පිළිබඳ ගෙතී ඇති කතා පුවතකි.
ලූෂන් බුලත්සිංහල, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියා රණසිංහ, අතුල පතිරණ, පද්මිණී දිවිතුරුගම, විශ්වජිත් ගුණසේකර, බිම්සරා ප්‍රේමරත්න ආදීහු අප්පච්චී රංගනයෙන් හැඩ ගන්වති.
කැමරාව ධම්මික රත්නායකගෙනි. අශෝක අතාවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂවරයා වේ. කසුන් කල්හාර සංගීතයෙන් එක්ව තිබේ. හර්ෂ අංග රචනා ශිල්පියාය. සෝමදාස මල්දෙණියගේ නිෂ්පාදන කළමනාකරණයකි.
සෙරනිට් නිෂ්පාදන ආයතනය වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු සමඟ බණ්ඩාර ඇහැලියගොඩ අප්පච්චි නිෂ්පාදනය කර ඇත.
ජීවිතයට ඉඩ දෙන්න, රම්‍ය සුරම්‍ය, තක්සලාව, අහසකින් වැටුණා ආනන්ද අබේනායක මීට ප්‍රථම නිර්මාණය කළ ටෙලි නාට්‍ය අතරින් කිහිපයකි.

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com