If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, June 10, 2012

අවුරුදු 80කට පසුව සොයා ගැනුණු ගුවන් යානයක්


මිනිස් ජනාවාසයක්     සැතපුම් සිය     ගණනක් එහා ගිනිගත් වාලුකා කාන්තාරයේ දී ඔහු අතුරුදහන් විය.
ඒ මෙයට වසර අවුරුදු හැත්තෑවකට පමණ ඉහත අතීත කාලයේය. දවෛන ලෝක මහා සංග්‍රාමය පැවැති අවධියයි. ඩෙනිස් කෝපින් නම් ඔහු ගුවන් හමුදා සැරයන් වරයකු විය.
1942 ජුනි මාසයේ දිනක ඩෙනිස් කෝපින් සමඟ ප්‍රහාරක ගුවන් යානය තිටිහෝක් ගුවන් යානා තොටුපළෙන් අහසට නැගිණ. ඊට පසුව ඔහුට සිදුවූ කිසිවක් කිසිවෙකු නොදත්තේය. අනන්ත වූ අහස ඔහු ගිල ගත්තාවද යන්නවත් කිසිවෙකුත් නොදන්නේය. කාලයේ වැලිතලාවද ඔහු පිළිබඳ මතකය ක්‍රමයෙන් මිනිස් මනසින් වසා දැමුවේය.
නමුත් වසර හැත්තෑවකට පසු ඔහු පිළිබඳ මතකය යළිත් රජයන්නට වූයේ ඔහු ගමන් කළ ගුවන් යානය වියැළි කාන්තාරයකදී සොයා ගැනීම නිසාය.  මෙම අවස්ථාව උදා වූයේ තෙල් නිධි කම්කරුවන් ඊජිප්තුවේ බටහිර කාන්තාරයේ ඈත ප්‍රදේශයක අලුත් තෙල් නිධි ඇති ස්ථානයන් පිළිබඳව කැණීම් සිදුකරන විටදීය.
ගුවන් යානය සොයාගත් ස්ථානයේ සිට ළඟම ඇති නගරයට සැතපුම් දෙසීයකටත් වඩා දුර විය. එය විශේෂ භූමි ලක්ෂණයක් ප්‍රකට නොකළ ඉතාමත් විශාල ලෙස පැතිර ගිය ප්‍රදේශයකි. ගුවන් හමුදා සැරයන් ඩෙනිස් කෝපින් ගමන් කළ  40 ගුවන් යානය හමුවූයේ එම විසල් මහා වියළි කතරේදීය.
දකුණු අප්‍රිකාවේ බලය හිමිකර ගෙන සිටි රොම්වෙල් සෙනවියාට විරුද්ධව ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් හමුදා අනු ඛණ්ඩයක කෝපින් සේවය කළේය. එය ස්ථානගත කර තිබුණේ ඊජිප්තුවේ පෙදෙසකය.
තිට්හෝක්හි සිට කෝපින් ප්‍රහාරයක් ඉලක්ක කර ගෙන ගුවන් ගත විය. නමුත් ඉලක්ක ය වෙත යෑමට පෙර හෝ ඉලක්කය වෙත ප්‍රහාරය එල්ල කිරීමෙන් හෝ පසුව ඔහුගේ ගුවන් යානය වෙත ප්‍රහාරයක් එල්ල විය. ගුවන් යානයට සිදුවූ හානිය පිළිසකර කර ගැනීමට ඔහු කිසියම් ගුවන් හමුදා කඳවුරක් වෙත  තම යානය  පදවන්නට ඇත. එලෙස ගිය පසුව ඔහුව කිසිම දිනක දක්නට නොලැබුණි. කෝපින්ගේ ෙදෙවය පිළිබඳ ඇතැමුන් විශ්වාස කරන්නේ එසේය.
කාන්තාරයේ වැතිතුර මෙම ගුවන් යානය ගෙවී ගිය දශක හත තුළ කිසිවෙකුගේ හස්ත ස්පර්ශයට ලක් නොවූ බව නිසැකය. ගිනි අවි සහ උණ්ඩ  යානය තුළ නිරුපද්‍රිතව පැවැතීමෙන් එය පැහැදිළි වෙයි. ගුවන් යානා නියමු කුටියේ කිසිදු උපකරණයකට අලාභහානි සිදු වී නොතිබුණි. දඟර ගැසුණු ‍පොප්ලර් කොළ කීපයක් අහස් යානයේ ඉදිරිපස වීදුරු රාමුවට නුදුරින් වැතිර තිබුණි.
40 ගුවන් යානය හඳුනා ගැනීම පහසු වූයේ එහි අනන්‍යතා පුවරුව නිරුපද්‍රිතව පැවතුණු නිසාය. ගුවන් යානය නිෂ්පාදනය කළ දිනය එහි අනුක්‍රමික අංකය සටහන්ව තිබුණි. මෙනිසා ගුවන් යානය පිළිබඳ පරීක්ෂා කරන අය හට ගුවන් යානයහි සම්භවය, එහි සේවා ඉතිහාසය පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකි විය.
අහස් යානයහි බඳ කොටස සතුරු වෙඩි පහරවලින් සිදුරුවී තිබුණි.
ගගන ශිල්ප ඉතිහාසය පිළිබඳ ප්‍රවීණයකු වන ඇන්ඩි සවුන්ඩර් පැවසුවේ තූතන්කාමන්ගේ සොහොන් ගෙය මෙන්ම , මෙම ගුවන් යානය ඉතිහාස ගත තොරතුරු ප්‍රදර්ශනය කරන අපූරු කුටීරයක් බවය.
ගුවන් අනතුරෙන් බේරුණු නියමුවා පැරිෂුටයක කොටස්වලින් අහස් යානයහි බඳට අමුනා තාවකාලික සෙවණක් නිර්මාණය කර ගැනීමට  උත්සහ කළ බවට ලකුණු එහි විය. ගුවන් විදුලි  යන්ත්‍රය සහ බැටරිය  ගුවන් යානයෙන් බැහැරට ගෙන ඔහු එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ වගක්ද පෙනී ගොස් ඇත.
4 ට ගුවන් යානය වසර හැත්තෑවකට පෙර ඇද වැටුණු තැන එලෙසින්ම අද දක්වාම තිබුණි. එය වැලි වලට යට වී නැත.   source-http://www.lakbima.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com