මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා රන් ආලේපිත බුදු පිළිම 25ක් අයථා ලෙස පරිහරණය කළේ යැයි ප්‍රසිද්ධ කරමින් සිදු කළ අපහාසයට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන ලෙස ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නිලධාරීන්ට කොළඹ දිසා අධිකරණය ඊයේ (15) නියෝග කළේය.
ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ, හා විදේඛා පදනමේ සභාපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි, ලේකම් සුමංගල හිමි, හා ප්‍රධාන සංවිධායක බී.යූ ඩයස් මහතාට මේ නියෝගය කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා නිකුත් කළේය.
තායිලන්තයේ n c group සංවිධානය මගින් දළදා මාලිගයට ප්‍රදානය කළ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා 25ක් අතුරුදන් කලේ යැයි පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීම, ප්‍රවෘත්ති සාකච්ජා පැවැත්වීම, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පැමිණිලි කිරීම. අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම, හා පොලිස්පතිවරයාට දැනුම්දීම තුළින් ලෝක වාසි බෞද්ධ ජනතාව ඉදිරියේ දියවඩන නිලමේවරයාට සිදුකළ අපහාසයට හා අපකීර්තියට මේ වන්දි මුදල ගෙවන ලෙසට අධිකරණය නියෝග කළේය.
නිලංග දෑල මහතා පැවරු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා මේ නියෝගය කළේය.
අස්ගිරි හා මල්වතු නාහිමිවරුන්ගේ හා බුදු පිළිම ප්‍රදානය කළ ඇන්මාන් පියන්මන් මැතිනියගේ අනුමැතිය පරිදි විහාරස්ථානවලට බෙදා දුන් බුදු පිළිම අයථා ලෙස භාවිත කළේ යැයි හැඟෙන පරිදි ක්‍රියා කළ විත්තිකරුවන්ගෙන් රුපියල් මිලියන පන්සියක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා 2008 ජුලි 06 නිලංග දෑල මහතා මේ නඩුව පැවරීය.
නඩුවේ කරුණු සළකා බැලු දිසා අධිකරණය විත්තිකරුවන් විසින් මාධ්‍ය සාකච්ජා සංවිධානය කිරීම ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම වළක්වමින් වාරණ නියෝගයක් මුල් අවස්ථාවේදීම නිකුත් කළේය. එම නියෝගය අනුව විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි අතර නඩුව ඒක පාර්ශිකව විභාග කෙරිණි.
රුහුණු කතරගම බස්නායක නිලමේවරයා ඇතුළු ගිහි පැවදි සාක්ෂි කරුවන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් පිළිම වහන්සේලා විහාරස්ථානවලට බෙදාදුන් බව පැවසීය.
පැමිණිල්ල අනුව මහනුවර දළදා මාලිගයේ ගිහි භාරකරුවන නිලංග දෑල මහතාට අපහාසයක් සිදුවී ඇති බව තීන්දු කළ කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා අදාළ වන්දි මුදල පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ ඉතා අධික මුදලක් බැවින් හා විත්තිකරුවන්ගේ වත්කම් පිළිබදව හෙලිකර නොමැති බැවින් රුපියල් මිලියන 250ක මුදලක් විත්තිකරුවන්ට එක්ව හෝ වෙන් වෙන් වශයෙන් ගෙවන ලෙසට නියෝග කළේය.
නඩු තින්දුවට විරෝධය පළකිරීම සඳහා විත්තිකරුවන්ට දින 14ක් ඇතුළත ඉල්ලුම් කළ හැකි බවද විනිසුරුවරයා සිය තින්දුවේ සඳහන් කර තිබිණි. මේ නඩුව නිතීඥ නන්ද ගුණරත්න මහතා මගින් පවරා තිබිණි.
source- http://www.dinamina.lk

No comments:
Post a Comment