ජනතා විමුක්ති පෙරමුණ අද (31) විමල් වීරවංශ සහ චම්පික රණවක යන අමාත්‍යවරුන්ට අභියෝගයක් එල්ල කළා. ඒ, විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වෙත ලබාදුන්නා යැයි කියන ලියවිල්ලේ අඩංගු කරුණු දන්නේ නම් හෙලිකරන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ.ඞී. ලාල්කාන්ත මෙම අභියෝගය කළේ ලංකා ගුරු සේවා සංගමයේ සමුළුවකට කොළඹ දී අද (31) එක්වෙමින්.ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා කර ඇති ප‍්‍රකාශයක්ද, ලාල්කාන්ත හිටපු මන්තී‍්‍රවරයාගේ විවේචනයට ලක්වුණා. ඒ, යුද අපරාධ සිදුවුණු බවට පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගොස් තමන්ට කරුණු ඉදිරිපත් කළ හැකි යැයි කළ ප‍්‍රකාශයයි. යුද්ධය අවසාන සමයේදී සරත් ෆොන්සේකා විදේශගතව සිටි බව කේ.ඞී. ලාල්කාන්ත වැඩිදුරටත් සඳහන් කළා.
source- http://hirunews.lk
source- http://hirunews.lk
No comments:
Post a Comment