මාස 7 කින් අවම තත්ත්වයට පැමිණි ලෝක වෙළඳපොලේ ඛනිඡ තෙල් මිල ඊයේ දිනයේදී සුළු ඉහළයාමක් පෙන්නුම් කළා. ඒ අනුව, ආසියානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඊයේ දිනයේදී අලෙවි වූයේ ඇමරිකානු ඩොලර් 90 යි ශත 27 කටයි. නිව්යෝර්ක් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 89 යි ශත 90 ක් වූ අතර එය පසුගිය වසරේ ඔක්තෝම්බර් 21 වැනිදායින් පසු වාර්තා වූ අවම මිලයි. ලන්ඩන් වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඊයේ ඩොලර් 105 යි ශත 85 කට අලෙවි වුණා. මීට සති 3 කට පෙර ඩොලර් 106 ක්ව පැවති ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට සියයට 15කින් පමණ පහත වැටී තිබෙනවා. ලෝක ආර්ථික වර්ධනය අඩාල වීම ඊට ප්රධාන හේතුවයි.
source- http://www.hirufm.lk/
source- http://www.hirufm.lk/
No comments:
Post a Comment