සරත් ෆොන්සේකා නිදහස ලබා බන්ධනාගාරයෙන් නික්මේ.
2012 මැයි 21 සඳුදා- පස්වරු 06:51
වසර තුනකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා අද (21) පස්වරුවේ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව යටතේයී ඔහු නිදහස ලැබූයේ. සරත් ෆොන්සේකා බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙනු දැකබලා ගැනීම සඳහා විශාල ජනතාවක්ද එම ස්ථානයට පැමිණ සිටියා. නවලෝක රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සරත් ෆොන්සේකා අද උදෑසන රෝහලෙන් මුදාහැරුණු අතර, ඉන් අනතුරුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන යනු ලැබුවා. සුදුකොඩි නඩුවේ සහ යුද අධිකරණ තීන්දුවලට එරෙහිව සරත් ෆොන්සේකා වෙනුවෙන් ගොනුකර තිබූ පෙත්සම් ඉවත් කර ගැනීමට එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබාදුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත නැවත රැගෙන යාමෙන් අනතුරුවයි සරත් ෆොන්සේකා බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබූයේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කර ගන්නවා හිරු මාණ්ඩලික වාර්තාකරු අමිල ප්‍රසන්න මුතුකුට්ටි.source-http://www.hirunews.lk
No comments:
Post a Comment