ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ක්‍රීඩකයන් පිළිබඳව රහස්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරින් යෙදවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදි ඉන්දීය ක්‍රීඩකයින් 5 දෙනෙකු තරග පාවාදීම් සම්බන්ධයෙන් චෝදනා ලැබීමත් සමඟමයි ඉන්දීය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇත්තේ. එරට පොලිසියේ බුද්ධි අංශ නිලධාරින්ගේ සහය මේ සඳහා ලබා ගැනීමට සූදානම් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. දැනට චෝදනා එල්ල වී ඇති ක්‍රීඩකයින් පස් දෙනාට අමතරව තවත් ක්‍රීඩකයින් තරග පාවාදීමේ සිද්ධිවලට සම්බන්ධ යැයි මෙහිදී වැඩිදුරටත් සොයා බැලෙනු ඇති.
source-http://www.hirunews.lk
No comments:
Post a Comment