If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, May 20, 2012

භූ චලනය පල්ලේකැලේ සටහන්වේ


අළුයම 1.20 ට පමණ ශ්‍රී ලංකාවේ ඉතා සුළු භූ චලනක් සිදුව ඇති බවත් එය සටහන්ව ඇත්තේ පල්ලේකැලේ පිහිටි භූ කම්පන මධ්‍යස්ථානයේ පමණක් බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්යභාර නිලධාරීවරයා පවසයි. හක්මන පිහිටි ජර්මන් ඉන්දුනීසියා සුනාමි අනතුරු හැගවීම් මධ්‍යස්ථානයේ හෝ මිහින්තලේ පිහිට භූ කම්පන මධ්‍යස්ථානයේ හෝ මෙම භූ චලනය පිළිබඳ සටහන්ව නොමැති බැවින් එය රිච්ටර් මාපකයේ ඉතාමත්ම සුළු අගයක් ගන්නා භූමිකම්පාවක් බව ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි. එක් භූ කම්පන මානයක පමණක් සුළු වශයෙන් සටහන්ව ඇති භූමිකම්පාව සිදුවූ ස්ථානය සොයා ගත නොහැකි බවත් ස්ථානය නිශ්චිතව හදුනාගැනීමට අවම වශයෙන් භූ කම්පන මධ්‍යස්ථාන දෙකක එය සටහන් විය යුතු බවත් භූ විද්‍යාඥයෝ කියති.
සෙනසුරාදා සවස තුනෙන් පසු ඉන්දියන් සාගරය අවටින් වෙනත් කිසිදු භූමිකම්පාවක් වාර්තා වී නැතැයි ඇමරිකාවේ භූ කම්පන විද්‍යා නිරීක්ෂණ ආයතනයේ වෙබ් අඩවිය පරීක්ෂා කළ විට පෙනීයයි.
source- http://www.lankadeepa.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com